දේශීය
මහනුවර – මහියංගනය මාර්ගයේ 18 වංගුව ප්‍රදේශය යළි විවෘතයි.

පස් කදු සහ ගල් කඩා වැටීම් හේතුවෙන් වසා තිබූ මහනුවර – මහියංගනය ප්‍රධාන මාර්ගය තාවකාලිකව විවෘත කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කරනවා.
18 වංගුවේ දෙවන වංගුව ප්‍රදේශයට ඊයේ (19) පස්වරුවේ පස් කදු සහ ගල් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබුණා.
මේ වන විට මාර්ගයේ පස් කදු සහ ගල් ඉවත් කර ඇති අතර එය යළි රථවාහන ධාවනය සඳහා අවසර දී ඇති බව සඳහන්.