දේශීය

ඇස්ට්‍රාසෙනකා එන්නත් යළි කැඳවලා

‘කොවිඩ් 19’ වෛරසය​ට එරෙහිව බ්‍රිතාන්‍යයේ ඇස්ට්‍රාසෙනකා ඖෂධ සමාගම, ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පර්යේෂකයන්ගේ ද සහාය ඇතිව නිපදවූ ‘කොවිඩ් 19’ ප්‍රතිශත්තිකරණ එන්නත ලබා ගැනීමෙන් පසු අතුරු ආබාධ හටගන්නා බව තහවුරු වීමත් සමඟ ගෝලීය වශයෙන් බෙදා හරිනු ලැබූ එම එන්නත් ආපසු ගෙන්වා ගැනීමට ඇස්ට්‍රාසෙනකා ඖෂධ සමාගම පියවර ගෙන තිබෙනවා.

ඇස්ට්‍රාසෙනකා එන්නත ඉන්දියාවේ ‘සීරම්’ ඖෂධ නිෂ්පාදන සමාගම හවුල් වෙමින් එර​ට නිෂ්පාදනය කළා.

මෙම එන්නත නිකුත් කෙරුණේ ‘කොවිෂීල්ඩ්’ යන නමින්.

‘කොවිඩ් 19’ වසංගත සමයේ ‘කොවිෂීල්ඩ්’ එන්නත ආසියානු රටවල් බොහොමයකට ඉන්දියාවෙන් පරිත්‍යාග කෙරුණා.

ඇස්ට්‍රාසෙනකා එන්නත ලබා ගත් බොහෝ දෙනා අතුරු ආබාධවලට ලක්වුණු බවත්, වැඩි දෙනා රුධිර කැටි ගැසීමට ලක් වී ජීවිතක්ෂයට පත්වුණු බවත් මේ වනවිට අධිකරණය හමුවේ තහවුරු වී තිබෙනවා.

ඇස්ට්‍රාසෙනකා සමාගම පවසා ඇත්තේ එන්නත යාවත්කාලී​න කරමින් දෝෂ නිවැරදි කර, නව කොවිඩ් 19 වයිරස ප්‍රභේද අඩපණ කළ හැකි ආකාරයට යළි නිපදවීට පියවර ගන්නා බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button