ධනුෂ්ක වෙනුවෙන් තවත් ඇප ඉල්ලීමක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට ඇප ලබා ගැනීම සඳහා වන දෙවන ඇප අයැදුම් පත්‍රය මේ වනවිට අධිකරණය වෙත යොමුකර ඇති බව වාර්තා වෙනවා.
ඒ අනුව එළැඹෙන දෙසැම්බර් මස 8 වනදා නිව් සවුත් වේල්ස් අධිකරණයේ දී නඩු විභාගය පැවැත්වීමට නියමිතයි .
මෙවර T20 ලෝක කුසලානය සඳහා ඔස්ට්‍රෙලියාව බලා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ ධනුෂ්ක ගුණතිලක තරුණියකට ලිංගික අතවර කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් තොරතුරු පසුගිය 06 වනදා වාර්තා වුණා .
සිඩ්නි හි නැගෙනහිර රෝස් බේහි පදිංචි 29 හැවිරිදි තරුණියක් ගොනුකළ ලිංගික අතවර කිරීමක් සම්බන්ධයෙන් වූ පැමිණිල්ලකට අදාළව ධනුෂ්ක ගුණතිලකව එහිදී අත්අඩංගුවට ගත්තා .
එම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් ඔස්ට්‍රෙලියා රාජ්‍ය අපරාධ විධාන අංශයේ ලිංගික අපරාධ අංශය සහ නැගෙනහිර පොලිස් ප්‍රදේශ විධානයේ රහස් පරීක්ෂකයින් විශේෂ විමර්ශනයකින් අනතුරුවයි.
අත්අඩංගුවට ගත් ධනුෂ්ක ගුණතිලක Sydney City පොලීසිය විසින් පැරමැටා පොලිස් අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර එහිදී ධනුෂ්ක ගුණතිලකට ඇප ලබාදීම ප්‍රතික්ෂේප වී තිබුණා .