දේශීයව්‍යාපාරික
ඉන්දියාවෙන් තවත් පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40,000ක්
ශ්‍රී ලංකාව වෙත ඉන්දීය රජයේ සහයෝගීතාවය පළකරමින් ඉන්ධන රැගත් තවත් නෞකාවක් ඊයේ (04) දින කොළඹ වරාය වෙත ලඟා වී ඇති බව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිල ට්විටර් ගිණුමේ පණිවුඩයක් තබමින් මේ බව ප්‍රකාශ කර ඇත.
එම ඉන්ධන නෞකාව පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40,000ක් රැගෙන පැමිණි බවයි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සඳහන් කර ඇත.
ඒ අනුව මේ වනවිට ඉන්දියාව විසින් අර්බුද මැද සිටින ශ්‍රී ලංකාව වෙත විවිධ වර්ගයේ ඉන්ධන මෙට්‍රික් ටොන් 440,000කට ආසන්න ප්‍රමාණයක් ලබා දී ඇති බවද ට්විටර් පණිවුඩයේ සටහන් කර ඇත.
