දේශීය

නාඳුනන මළසිරුරක් කළුතර මුහුදු වෙරළේ.

නාඳුනන පුද්ගලයෙකුගේ මළසිරුරක් කළුතර උතුර කොට්ටම්බගහවත්ත ප්‍රදේශයේ මුහුදු වෙරළේ තිබී ඊයේ (27) පස්වරු මුහුදු වෙරළට ගොඩගසා තිබිය දී සොයා ගෙන තිබෙනවා.

අවුරුදු තිස් පහත් හතළියත් අතරේ පසු වන බවට සැක කෙරෙන මිය ගිය පුද්ගලයාගේ උස අඩි පහයි අගල් හයක් පමණ වන බව සඳහන්.

එය ඝාතනයක් ද සිය දිවි නසා ගැනීමක් ද යන්න පිළිබඳ තවමත් තොරතුරක් අනාවරණය වී නෑ.

කළුතර උතුර පොලිසිය ඉදිරි විමර්ශන කටයුතු සිදු කරනු ඇති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button