Uncategorized
වාද්දුවේ නාඳුනන මළසිරුරක්

වාද්දුව මුහුදු වෙරළ ප්රදේශයේ තිබී නාඳුනන පුද්ගල මළසිරුරක් හමුවී තිබෙනවා.
වාද්දුව පොලීසිය සඳහන් කළේ, වාද්දුව දුම්රියපොළ ආසන්න මුහුදු වෙරළ ප්රදේශයේ තිබී මෙම මළසිරුර අද (06) පස්වරුවේ හමුවී ඇති බවයි.
මියගොස් ඇති පුද්ගලයා වයස අවුරුදු 40ත් 50ත් අතර වියේ පසුවන පුද්ගලයෙකු බවට සැක පළ කරනවා.
මූලික පරීක්ෂණවලින් පසුව සිරුර පානදුර මූලික රෝහලට රැගෙන ගොස් ඇති අතර වාද්දුව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.