දේශීය

කොළඹ වරාය සංවර්ධනයට ඇමෙරිකාවෙන් ආයෝජනයක්

කොළඹ වරායේ බටහිර බහාලුම් පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 553 ක ආයෝජනයක් සිදුකරන බව මෙරටට පැමිණ සිටින එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සංස්ථාවේ ප්‍රධාන විධායක නිලධාරි ස්කොට් නේතන් ප්‍රකාශ කළා.

මෙරට තානාපති ජූලි ජන්ග් ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාවේ ජනතාවගේ සංවර්ධනය සහ යහපැවැත්ම සඳහා එක්සත් ජනපදයේ කැපවීම මෙමගින් පෙන්නුම් කරන බවයි.

මෙම මූල්‍යකරණය ලබාදීම ප්‍රකාශයට පත් කිරීමේ උත්සවයට විදේශ අමාත්‍ය අලි සබ්රි, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායකද එක්ව සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button