දේශීය

පාලන මිලට සහල් නිකුත් කරන්නේදැයි විමර්ශනයක්

පාලන මිලට වෙළෙඳපොළට සහල් නිකුත් කරන්නේදැයි විමර්ශන ආරම්භ කර ඇති බව වෙළෙඳ අමාත්‍යාංශය පවසනවා.

එහි ලේකම් එම්.එම්. නයිමුඩීන් මහතා සඳහන් කළේ, පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් ඒ සඳහා දිස්ත්‍රික් මට්ටමින් පරීක්ෂා කිරීම් ආරම්භ කර ඇති බවයි.

රුපියල් 218 ක මිලකට නාඩු සහල් කිලෝග්‍රෑමයක් වෙළෙඳපොළට නිකුත් කිරීමට ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවේදී සහල් මෝල් හිමියන් පසුගිය දා එකඟතාව පළ කළා.

ඒ අනුව රුපියල් 220ක මිලකට නාඩු සහල් වෙළෙඳපොළේ අලෙවි කිරීමට හැකියාව ලැබෙන බවයි ලේකම්වරයා පවසන්නේ.

පාලන මිල ඉක්මවා සහල් අලෙවි කරන ස්ථාන හඳුනාගෙන නීතිමය පියවර ගන්නා බව ද වෙළඳ අමාත්‍යාංශය අවධාරණය කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button