දේශීය

කමල් ගුණරත්නට අපහාස කළ පුද්ගලයෙක්ට වාරණ නියෝගයක්

ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතාට එරෙහිව අසත්‍ය හා අපහාසාත්මක පුවත් මාධ්‍ය මඟින් ප්‍රචාරය කිරීම වළක්වාලමින් ජී.පී. නිශ්ශංක යන අයට එරෙහිව කොළඹ දිසා අධිකරණය මඟින් අද (30) වාරණ නියෝගයක් නිකුත් කරනු ලැබුවා.

විත්තිකරු විසින් පවත්වාගෙන යනු ලබන “ශ්‍රී රාවණා ලංකා පුවත්” නම් වෙබ් පිටුව ඔස්සේ ද්වේශ සහගත ලෙස ආරක්‍ෂක ලේකම්වරයා සම්බන්ධයෙන් අසත්‍ය හා අපහාසාත්මක කරුණු ප්‍රචාරය කර තිබූ අතර, එම තැනැත්තාට එරෙහිව ආරක්‍ෂක ලේකම්වරයා විසින් කොළඹ දිසා අධිකරණයේ රුපියල් බිලියනයක් වන්දි ඉල්ලා පවරා ඇති නඩුව අද දින මුල් වරට කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී තිබුණා.

තවද, “ශ්‍රී රාවණා ලංකා පුවත්” වෙබ් පිටුව හෝ වෙනත් ඕනෑම වැඩසටහනක් හෝ සමාජ මාධ්‍යයක් මඟින් පැමිණිලිකාර ආරක්‍ෂක ලේකම්වරයාගේ කීර්තිනාමයට හානියක් ඇති කිරීමේ අරමුණින් සකසන ලද අසත්‍ය පුවත් ද්වේශ සහගත ලෙස එම විත්තිකරු විසින් ප්‍රචාරය කිරීම වළක්වාලමින්, මෙම වාරණ නියෝගය නිකුත් කර තිබුණා.

මෙහිදී පැමිණිලිකාර පාර්ශවය වෙනුවෙන් නීතීඥ එරංගා පින්නදූව මෙනවියගේ උපදෙස් මත ජනාධිපති නීතිඥ ජගත් වික්‍රමනායක මහතා පෙනී සිටියා.

වැඩිදුර නඩු විභාගය 2023 නොවැම්බර් මස 09 වන දින යලි කැඳවීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button