විදෙස්

ජපානයටත් භූ කම්පනයක්

ජපානයේ බෝනින් දූපත් ආශ්‍රිතව රික්ටර් මාපකයේ ඒකක 6.5ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් සිදුව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එහි කම්පන තත්ත්වය ටෝකියෝ නුවරට ද දැනී ඇති බවයි.

කෙසේවෙතත් භූ කම්පනයත් සමග සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කර නොමැති බවයි වාර්තාවන්නේ.

මේ අතර, තායිවානයේ හුවාලියන් ප්‍රදේශයෙද අද (27) පෙරවරුවේ රික්ටර් මාපකයේ ඒකක 6.1ක ප්‍රබලතාවකින් යුත් භූ කම්පනයක් සිදු වී තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button