දේශීය

මත්ද්‍රව්‍ය වැටලීමකට ගිය පොලිස් නිලධාරියෙකුට ප්‍රහාරයක්

මත්ද්‍රව්‍ය වැටලීමකට ගිය පොලිස් නිලධාරියෙකුට ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

කටාන ප්‍රදේශයේ ඊයේ (06) සිදු කළ මත්ද්‍රව්‍ය වැටලීමක් අතරතුරයි මෙම පහර දීම සිදුව ඇත්තේ.

වැටලීමට ගිය අවස්ථාවේ දී එහි සිටි පුද්ගලයෙකු පොලිස් නිලධාරියාට පහර දී ඇති අතර සිද්ධියෙන් තුවාල ලැබූ එම නිලධාරියා ප්‍රතිකාර සඳහා මීගමුව රෝහලට ඇතුළත් කල බව සඳහන්.

සිද්ධියට අදාළව සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සතුව තිබී හෙරෝයින් ග්‍රෑම් 6ක් සහ මෙරට නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් ද සොයාගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button