දේශීය

පානීය ජලයේ ගුණාත්මකභාවය සම්බන්ධයෙන් නිවේදනයක්

විදුලි කප්පාදුව හා ක්ලෝරීන් හිඟය හේතුවෙන් ජල පිරිපහදුව නිසි පරිදි සිදුනොවන බවට සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ ප්‍රචාර පළ වී තිබුණද පානීය ජලයේ ගුණාත්මකභාවය සම්බන්ධයෙන් පැතිර යන අසත්‍ය ප්‍රචාරයන් පිළිබඳ බියක් ඇති කර නොගන්නා ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවට දැනුම් දෙයි.

තවද, සිය පවිත්‍රාගාර තුළ නිසි ප්‍රමිතියට අනුකූලව පවිත්‍රකරණය කරන ජලය, තත්ත්ව පරීක්ෂාවකින් අනතුරුව ජලය බෙදාහැරීම සිදුකරන්නේ සියයට සියයක් සෞඛ්‍යාරක්ෂිත බව තහවුරු කර ජනතාව වෙත බෙදාහැරීම සිදුකරන බැවින් ඒ පිළිබඳ අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නොවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා පවසා ඇත.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button