ලංකා විදුලිබල මණ්ඩලයෙන් රතු බිල් ගැන නිවේදනයක්

විදුලි පාරිභෝගිකයන් ලක්ෂ 50කට රතු බිල් යැවීම සම්බන්ධයෙන් පළවූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එහි සඳහන්ව ඇත්තේ, විදුලිය පාරිභෝජනය කර මාසයක් ඉක්මගිය පසු විදුලි බිල ගෙවිය යුතු අතර බහුතර පාරිභෝගිකයන් සංඛ්‍යාවක් නියමිත වේලාවට විදුලි බිල්පත් ගෙවනු ලබන බවයි.
සාමාන්‍යයෙන් රතු බිලක් ලබා දෙනුයේ මාසයක් ගතවු පසුව බවත් ඊට අමතරව රතු බිල්පත් නිකුත් කර තවත් දින 10ක සහන කාලයක් ලබාදෙන බවත් සඳහන් කර ඇති විදුලිබල මණ්ඩලය, විදුලිය විසන්ධි කිරීම සිදුකරනු ලබන්නේ ඉන් පසුව බවද දැනුම්දී තිබෙනවා.
කෙසේවෙතත් 2023 වසරේ මුල් මාස 10 තුළදී විදුලිය විසන්ධි කිරීම් හා නැවත සම්බන්ධ කිරීම් 544,488ක් සිදුකර ඇති බවද විදුලිබල මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.
2019 වසරේ 573,073ක් විදුලිය විසන්ධිකර නැවත සම්බන්ධ කර ඇති බවද අදාළ නිවේදනයේ දක්වා තිබෙනවා.
එහිදී විදුලිබල මණ්ඩලය දැනුම්දී ඇත්තේ, 2020 සහ 2021 කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් එම අගය අඩුවූ බවත් 2022 විදුලි කප්පාදුව හේතුවෙන් විසන්ධි කිරීම් සීමාවූ බවයි.
තවද සාමාන්‍යයෙන් වසරකට නව පාරිභෝගිකයින් 150,000ක් පමණ අලුතින් විදුලි සම්බන්ධතා ලබාගන්නා බවත් ඒ අනුව 2023 දී 544,488ක් විදුලිය විසන්ධිකිරීම් සහ නැවත සම්බන්ධ කිරීම් සිදුකර තිබීම 2019 වසර හා සැසඳීමේදී සාමාන්‍ය තත්ත්වයක් බවද විදුලිබල මණ්ඩලය සඳහන් කළා.
ලංකා විදුලිබල මණ්ඩලය හඳුන්වාදුන් ඊ බිල් (එ-බිල්ල්) පත් ක්‍රමවේදය අනුව රතු බිල්පත් නිකුත් කිරීම ක්‍රම ක්‍රමයෙන් අඩු කරමින් පවතින බවද පෙන්වාදී ඇති එම මණ්ඩලය ඒ වෙනුවට ඉතා ඉක්මනින් හිඟ මුදල SMS මඟින් පාරිභෝගිකයන් වෙත දැනුම් දෙන බවද සඳහන් කර තිබෙනවා.
විදුලිබල මණ්ඩලය පවසන්නේ, එමඟින් ඉතා කාර්යක්ෂමව ගෙවිය යුතු හිඟ මුදල දැනුම් දෙනු ලබන බවත් මෙම ක්‍රමවේදය රතු බිල්පත් මුද්‍රණය කර බෙදා හැරීමට වඩා කාර්යක්ෂම සහ ලාභදායි බවයි.
තවද, 2023 නොවැම්බර් වන විට විසන්ධි කිරීම, නිවාස වසා තැබීම, පදිංචිකරුවන් නොමැතිවීම, නිවාස කඩා නව නිවාස සෑදීම ආදී විවිධ හේතු නිසා ශුන්‍ය පරිභෝජන තත්ත්යේ පවතින ගිණුම් සංඛ්‍යාව 35,848ක් බවද විදුලිබල මණ්ඩලය සඳහන් කරනවා.