විදෙස්

අමෙරිකාවත් චීන ජාතිකයින්ට කොවිඩ් සීමා පනවයි

අමෙරිකාවට පැමිණෙන චීන ජාතිකයින් සඳහා කොවිඩ් පරීක්ෂණ පැවැත්වීමට අනිවාර්ය කර තිබෙනවා .

චීනයේ කොවිඩ් රෝගීන් වාර්තා වීම යළිත් වරක් ඉහළ යාමත් සමග අමෙරිකා විසින් මෙම දැනුම්දීම සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා .

කෙසේවෙතත් චීනයෙක් කොපමණ කොවිඩ් රෝගීන් දෛනිකව වාර්තා වන්නේ ද යන්න පිළිබඳ නිසි තොරතුරු වාර්තා නොවන බව විදෙස් මාධ්‍ය පවසනවා .

එසේ තිබියදී ඔවුන් විසින් කොවිඩ් සීමා ලිහිල් කර ඇති අතර එමගින් රටින් පිටව යාමට සහ රට තුළට පැමිණීමට අවස්ථාව ලබා දි තිබෙනවා .

අමෙරිකාවට අමතරව ඉතාලිය, ජපානය, මැලේසියාව, තායිවානය සහ ඉන්දියාව ද මේ වන විටත් චීන ජාතිකයින් රට තුළට ඇතුළුවීමේ දී සීමාවන් පැනවීමට පියවර ගෙන ඇති බව වාර්තා වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button