දේශීය

ත්‍රීරෝද රථ ගාස්තු ගැනත් දැනුම්දීමක්

ඉන්ධන මිල අඩු වුවත් ත්‍රීරෝද රථ ගාස්තු අඩුවීමක් සිදු නොවන බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතිය පවසනවා.

එහි සභාපති ලලිත් ධර්මසේකර මහ​තා සඳහන් කළේ, මාසයෙන් මාසය මිල අඩු වන විට ත්‍රීරෝද රථ ගාස්තු සංශෝධනය කිරීමට හැකියාවක් නොමැති බවයි.

ඒ අනුව ගාස්තු සංශෝධනයක් සිදු නොවන බවත්, අඩු කිරීමක් හෝ වැඩි කිරීමක් සිදු නොවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button