දේශීය
උසස් පෙල ප්‍රායෝගික පරීක්ෂණ අද සිට

අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ අද සිට ආරම්භ වනවා.
විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, සංගිතය සහ නර්තන විෂයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ අද දිනයේ සිට ලබන 8 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත බවයි.
ප්‍රායෝගික පරීක්ෂණ සඳහා ඉදිරිපත් වන අයදුම්කරුවන් සිය ප්‍රවේශ පත්‍රයේ සඳහන් මධ්‍යස්ථානයේ දී ඒ සඳහා පෙනී සිටිය යුතු වනවා.
ඊට අමතරව ජෛව පද්ධති තාක්ෂණවේදය, ඉංජිනේරු තාක්ෂණවේදය, ගෘහ ආර්ථික විද්‍යාව, නාට්‍ය හා රංග කලාව යන විෂයන් සඳහා ප්‍රායෝගික පරීක්ෂණ සිංහල හා දෙමළ අලුත් අවුරුදු පාසල් නිවාඩුවෙන් පසුව පැවැත්වීමට සැලසුම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා.