දේශීය
වැඩබලන පොලිස්පති දේශබන්දු වැඩ අරඹයි

වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද (30)සිය ධුරයේ වැඩ භාරගෙන තිබෙනවා.
ජනාධිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා ඊයේ (29) පත් කිරීමෙන් අනතුරුව ඔහු කොළඹ හුණුපිටිය ගංගාරම විහාරස්ථානයට පැමිණ ආගමික වතාවත්වල නිරත වුණා.
එහිදී ජාතික ආරක්ෂාවට මුල් තැන දෙමින් මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ මර්දනය වෙනුවෙන් කටයුතු කරන බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළා.