දේශීය
බැලන්සයකින් ව්‍යායාම කරමින් සිටි තරුණයෙකුට දිවි අහිමිවෙයි

බර කිරීමට යොදා ගන්නා බැලන්සයකින් ව්‍යායාම කරමින් සිටි තරුණයෙකු එහි දඟරය වැදී ගෙල කැපී යාමෙන් ඇතිවූ දරුණු තුවාල හේතුවෙන් මරණයට පත්ව ඇති බව පුත්තලම මුලස්ථාන පොලීසිය පවසනවා.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ පුත්තලම, පදිංචි ක්‍රීෂාන්තන් මෝසස් නැමති 33 හැවිරිදි අවිවාහක තරුණයෙක්.
ඔහු කිසියම් රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර ඔහුගේ පියා විසින් ඔහුව ඥාතියෙකුගේ නිවසක තබා ගමනක් යෑම සඳහා පිටත්වී තිබෙනවා.
සිය බාප්පාගේ නිවසේ සිටි එම තරුණයා බැලන්සය භාවිතයෙන් ව්‍යායාම කරමින් සිටියදී එහි ස්ප්‍රින් එක ගැලවී එය තරුණයාගේ ගෙලෙහි වැදී තිබෙන බවයි වාර්තාවන්නේ.
ඉන් තරුණයාගේ ගෙලට බරපතළ තුවාල සිදුවී තිබුණු බව පොලීසිය පවසනවා.
පුත්තලම මූලික රෝහලේ බලධාරියෙකු පවසන්නේ, පසුව ඥාතින් විසින් කඩිනමින් එම තරුණයාව පුත්තලම රෝහලට ඇතුළු කර තිබුණද ඒ වනවිටත් ඔහු මරණයට පත්ව සිටි බවයි.