දේශීය
යතුරුපැදිය ලොරියක ගැටී තරුණයෙක් ජීවිතක්ෂයට

හයිලෙවල් මාර්ගයේ හංවැල්ල – වනහගොඩ ප්‍රදේශයේදී අද (28) අලුයම සිදුවු ලොරි – යතුරුපැදි අනතුරකින් 18 හැවිරිදි තරුණයෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
ප්‍රදර්ශනය අවසන් කළ තොරණක් ලොරි රථයකින් අවිස්සාවේල්ල දෙසට ප්‍රවාහනය කරමින් සිටියදී ලොරි රථයේ ඉන්ධන අවසන් වීමෙන් පසු මාර්ගය අයිනේ නවතා තිබියදී වේගයෙන් පැමිණි යතුරපැදිය එම ලොරි රථයේ පසුපස ගැටී තිබෙනවා.
අනතුරින් මියගොස් ඇත්තේ, යතුරුපැදිය පදවාගෙන පැමිණි හංවැල්ල ගිරාඉඹුල ප්‍රදේශයේ පදිංචි ජනිත් ගිම්හාන් ප්‍රියදර්ශන නමැති තරුණයෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර හංවැල්ල පොලීසිය වැඩිදුරට විමර්ශන සිදු කරනු ලබනවා.