දේශීය
කුලී කාමරයක කාන්තාවක් ඝාතනය කරලා

කුලී කාමරයක් තුළ තිබී ඝාතනය කරන ලද කාන්තා මළසිරුරක් සොයාගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ, සීදූව මුතුවාඩිය ප්රදේශයේ කාමරයක් තුළ 26 හැවිරිදි තරුණ කාන්තා සිරුරක් මෙලෙස සොයාගත් බවයි.
ඇය පලුගොල්ලාගම මෙගොඩවැව ප්රදේශයේ පදිංචිකාරියක් බවට හෙළිවී තිබෙන බව පොලීසිය සඳහන් කළා.
අනියම් පුරුෂයා සමග ඊයේ (14) රාත්රියේ ඇතිවූ ආරවුලක් හේතුවෙන් අනියම් පුරුෂයා විසින් ඇයගේ ගෙල බෝතල් කටුවකින් කපා ඝාතනය සිදුකර ඇති බවට මූලික විමර්ශනවලදී පොලීසියට අනාවරණයවී තිබෙනවා.
කෙසේවෙතත් සැකකරු පළාගොස් ඇති අතර සීදූව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.