දේශීය

කොවිඩ් ගැන අනතුරු ඇඟවීමක්

කෑගල්ල දිස්ත්‍රික්කයෙන් කොවිඩ් -19 ආසාදිතයින් තිදෙනෙකු හඳුනාගෙන තිබෙනවා .

අදාළ කොවිඩ් ආසාදිතයින් කෑගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බලසීමාවේන් සොගෙන ඇති බව සඳහන් .

මේ අතර ඊයේ දිනයේ නව කොවිඩ් -19 ආසාදිතයින් 05දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඒ අනුව, මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 671,903ක් .

එමෙන්ම ඊයේ දිනයේ කිසිදු කොවිඩ් ආසාදිත මරණක් වාර්තා වී නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා .

මේ අතර ගෝලීය කොවිඩ් අවදානම යළි ඉහළ යාම හමුවේ ශ්‍රී ලංකාව ද ඒ පිළිබඳ අවදානයෙන් පසුවීම වැදගත් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා .

සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පෙන්වා දෙන්නේ, කොවිඩ් අවදානම වළක්වා ගැනීම සඳහා නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුගතවීමට ජනතාව පියවර ගතයුතු බවයි .

චීනයේ කොවිඩ් ව්‍යාප්තිය ඉහළ යාමත් සමග මේ වන විට රටවල් රැසක් කොවිඩ් පාලනය සඳහා යළි කොන්දේසි පැනවීමට පියවර ගෙන තිබෙනවා .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button