දේශීය

කඩුගන්නාව රෝහලේ තාප්පයක් කඩාවැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට

කඩුගන්නාව ප්‍රාදේශීය රෝහලේ පැරණි බැම්මක් කඩාවැටීමෙන් පුද්ගලයෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කඩුගන්නාව පරණපට්ටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 33 හැවිරිදි වියේ පසුවූ රංජිත් අබේරත්න නමැති අයෙක්.

මෙලෙස කඩාවැටී ඇති පැරණි බැම්ම ඉවත්කර නව බැම්මක් ඉදිකරමින් තිබියදී මෙම අනතුර සිදුව තිබෙනවා.

එහිදී අද(06) දහවල් 12ට පමණ පැරණි තාප්පය කඩාවැටී ඇති අතර මෙම පුද්ගලයා බැම්ම සමග කඩාවැටුණු පස් කන්දකට යටවී තිබෙන බවයි වාර්තාවන්නේ.

කෙසේවෙතත් කඩිනමින් එහි සිටි පිරිස රෝහල් සේවකයින්ගේ සහාය ඇතුව පස් කන්දට යටවූ පුද්ගලයා රෝහල්ගතකිරීමට පියවර ගත්තද ඔහු ඒ වනවිටත් මියගොස් තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button