විදෙස්

රුසියාවේ ප්‍රබල නාවික හමුදා බල ඇණියකට යුක්රේන මිසයිල ප්‍රහාරයක්

ක්‍රිමියාවේ පිහිටි, රුසියාවේ කළු මුහුදේ බලඇණියේ මූලස්ථානයට යුක්රේන මිසයිල ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

මෙය සැළකෙන්නේ, රුසියානු නාවික හමුදාවේ ප්‍රබලතම මධ්‍යස්ථානයක් ලෙසයි.

විදෙස් වාර්තා සඳහන් කළේ, සෙවාස්ටොපෝල් නගරයේ පිහිටි මෙම මධ්‍යස්ථාන ගොඩනැගිල්ල ගිනිගෙන ඇති බවයි.

ප්‍රහාරයෙන් එක් අයෙකු මියගොස් ඇති අතර, සිදුවූ හානිය පිළිබඳව රුසියාව මෙතෙක් නිල වශයෙන් නිවේදනය කර නැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මීට පෙරද යුක්රේනය විසින් ක්‍රිමියාවේ ගුවන් ආරක්ෂණ පද්ධතියක් සහ නාවික යාත්‍රා දෙකක් ඇතුලු ඉලක්කවලට පහරදී තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button