දේශීය

ඡන්දය ගැන මැතිවරණ කොමිසමෙන් ඉඟියක්

එළඹෙන ජුලි මස 17න් පසුව ජනාධිපතිවරණය පිළිබඳ නිවේදනය ප්‍රකාශ කිරීම සඳහා මැතිවරණ කොමිසමට බලය ලැබෙන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් රත්නායක මහතා පවසනවා.

ඔහු සඳහන් කළේ, ඒ අනුව කොමිසම මැතිවරණ දින ප්‍රකාශයට පත් කරන බවයි.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් රත්නායක මහතා අද (29) මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව සඳහන් කළා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මැතිවරණ කොමිසම ඕනෑම මැතිවරණයකට සූදානම් බවයි.

මෙම මැතිවරණය සඳහා 2024 ජන්ද හිමි නාමලේඛනය උපයෝගී කරගැනීමට හැකි බවද සමන් රත්නායක මහතා වැඩිදුරටත් පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button