හෙද සේවයට දහසක් බඳවා ගැනේ

හෙද සේවාවේ පවතින පුරප්පාඩු සඳහා 1,000 වහාම බඳවා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ 3,000ක පමණ හෙද පුරප්පාඩු සංඛ්‍යාවක් මෙරට සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ පවතින බවයි.
එමෙන්ම රට තුළ ඖෂධ තොග මාස තුන හතරක කාලයකට නොව වසරක කාලයක් සඳහා තබාගැනීමේ වැඩපිළිවෙල ප්‍රතිපත්තියක් ලෙස ක්‍රියාත්මක කිරීමටත් මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
එමෙන්ම අමාත්‍යවරයා උපදෙස් ලබාදී ඇත්තේ, අත්‍යවශ්‍ය ඖෂධ හිඟයකින් තොරව සෞඛ්‍ය පද්ධතියට මුදාහැරීමට කටයුතු කරන ලෙසයි.
ඉදිරි සති කිහිපය තුළ අත්‍යවශ්‍ය ඖෂධ ඇතුලු අනෙකුත් ඖෂධවල පවතින හිඟය මඟහරවා ගැනීමට ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා ලෙසත් දැනුම් දී තිබෙනවා.
මේ අතර, මේ වසර සඳහා හෙද පුහුණු පාඨමාලාවට 3,500 දෙනෙකු බඳවා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
2019 සහ 2020 යන වර්ෂවල ජීව විද්‍යා විෂය ධාරාවෙන් හෝ භෞතික විද්‍යා විෂය ධාරාවෙන් උසස් පෙළ සමත් සිසු සිසුවියන්ගෙන් අනිද්දා සිට ලබන මස 18 වනදා දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් කැඳවීමට නියමිතයි.