දේශීය

මහනුවරට තාවකාලික ජල කප්පාදුවක්

හාරිස්පත්තුව, අකුරණ , ජූජාපිටිය ,පාතදුම්බර, මහනුවර මහ නගර සභා බලප්‍රදේශය, අම්පිටිය සහ හන්තාන යන ප්‍රදේශවලට හෙට (13) දිනයේ ජල සැපයුම අත්හිටුවීමට සිදු වන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව හෙට (13) දිනයේ පෙරවරු 6.00 සිට පස්වරු 8.00 දක්වා පැය 14 ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදු වන බව එම මණ්ඩලය දැනුම් දෙනවා.

මහනුවර දිස්ත්‍රික්කයේ කටුගස්තොට ජල පවිත්‍රාගාරයේ අළුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මෙම ජල සැපයුම අත්හිටුවීමට සිදු වන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button