දේශීය

මහනුවරට තාක්ෂණික විශ්ව විද්‍යාලයක්

ඉන්දියාවේ චෙන්නායි නගරයේ පිහිටි IIT විශ්වවිද්‍යාලයේ සහාය ඇතිව මහනුවර විශේෂ තාක්ෂණික විශ්ව විද්‍යාලයක් ආරම්භ කිරීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඔහු මේ බව පැවසුවේ, අද (13) පාර්ලිමේන්තුවේදී 2024 අයවැය යෝජනා ඉදිරිපත් කරමින්.

එසේම මෙරට රාජ්‍ය විශ්වවිද්‍යාල නව යුගයට ගැලපෙන පරිදි වැඩි දියුණු කිරීමට පියවර ගන්නා බවද ඔහු පැවසුවා.

රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල නියාමනය සඳහා අවශ්‍ය බලගතු නීති සම්පාදනය කිරීමෙන් අනතුරුව ලෝකයේ පිළිගත් ඕනෑම විශ්වවිද්‍යාලයකට හෝ අධ්‍යාපන ආයතනයකට මෙරට විශ්වවිද්‍යාල පිහිටුවීමට අවසර දෙන බව ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලවල ඉගෙනුම ලබන සිසුන්ට ණය පහසුකම් ලබාදෙන බවත් දැනට ක්‍රියාත්මක පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයට අමතරව වානිජ බැංකු හරහා සහනදායි ශිෂ්‍ය ණය ක්‍රමවේදයක්ද යෝජනා කරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button