දේශීය

තායිවානයේ ප්‍රබල භූකම්පනයක්

තායිවානයේ, හුවාලියන් ප්‍රදේශයේ ප්‍රබල භූකම්පනයක් සිදුව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, රික්ටර් මාපකයේ ඒකක 6.1 ක ප්‍රබලත්වයක් සටහන් කරමින් එම  භූකම්පනය සිදුව ඇති බව​යි.

භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන​වා.

කෙසේවෙතත් තායිවාන බලධාරීන් සඳහන් කරන්නේ, ඉන් සිදු වු හානි මෙතෙක් වාර්තා වී නොමැති බවයි.

මේ මස මුලදී ද තායිවානයේ ඇති වූ භූකම්පනයකින් පුද්ගලයන් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත් වු අතර  එහිදී පසු කම්පන 1,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරට​ත් වාර්තා කළා.
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button