රවුෆ් හකීම් පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශය සාවද්‍යයි – ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා

2019 වසරේදී පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල කළේ මුස්ලිම් අන්තවාදී පිරිසක් නොව ඊශ්‍රයල් දේශයේ අන්තවාදීන් පිරිසක් බව කාදිනල්තුමන් තමන්ට පැවසු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශය සාවද්‍ය බව කොළඹ අගරදගුරු පදවි සන්නිවේදන අධ්‍යක්‍ෂ ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා ප්‍රකාශ කර තිබෙනවා.
කාදිනල්තුමා එම කතාව අසා විමතියට පත්වූ බවත්, එවැනි ප්‍රකාශයක් කාදිනල්තුමා ඔහු සමග සිදුකර නැති බවත් කොළඹ අගරදගුරු පදවි සන්නිවේදන අධ්‍යක්‍ෂ ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා ප්‍රකාශ කළා.
ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා මෙලෙස ප්‍රකාශ කළේ අගරදගුරු පදවි ජන සන්නිවේදන කාර්යාලයේදී.
පාස්කු ඉරිදා ප්‍රහාරය යම්කිසි දේශපාලන පක්‍ෂයක් බලය ලබාගැනීමේ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක්දැයි , විපක්‍ෂ නායකවරයා ඇතුළු විපක්‍ෂය දරන අදහසට ප්‍රතිවිරුද්ධව මෙම මන්ත්‍රීවරයා කිසියම් පක්‍ෂයක උවමනාවක් මත අදාළ ප්‍රකාශය සිදුකළේදැයි යන්න ප්‍රශ්නයක් මතුවෙන බවද ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා සඳහන් කරනවා.
ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා සඳහන් කර ඇත්තේ, ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නා ලෙස ඔහුගෙන් ඉල්ලා සිටින ලෙසයි.
විපක්‍ෂ නායකතුමා මේ පිළිබඳව යම් ක්‍රියා මාර්ගයක් ගනී යන බලාපොරොත්තුවන ලෙස ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා පවසනවා.