විදෙස්
සිඩ්නි විශ්ව විද්‍යාලයේ පිහි ඇනුමක්

සිඩ්නි විශ්වවිද්‍යාලය තුළදී පිහි ඇනුමක් සිදුකර ඇති බව පොලීසිය පවසනවා.
ඊට සැකපිට 14 හැවිරිදි පිරිමි ළමයෙක්ව අත්අඩංගුවට ගෙන ඇති අතර එම සිදුවීමෙන් අනතුරුව විශ්වවිද්‍යාල ගොඩනැගිලි කිහිපයක් වසා දැමීමට බලධාරීන් කටයුතු කළා.
පිහි ප්‍රහාරයට ලක්වූ 22 හැවිරිදි පුද්ගලයෙක්ට හදිසි ප්‍රතිකාර ලබාදී තිබුණු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
අසාධ්‍ය තත්ත්වයෙන් සිටි එම පුද්ගලයාගේ තත්ත්වය හොඳ අතට හැරෙමින් තිබෙන බව පොලීසිය පවසා තිබෙනවා.
එම පිහි ඇනුම සිදුකළ දරුවා, රැඩිකල් අදහස් වලින් යුක්ත අයෙක්ද යන්න සම්බන්ධයෙන් ද බලධාරීන් සොයාබලන බව වැඩිදුරටත් වාර්තා වනවා.