පෝෂණය සඳහා වූ විශේෂ කාර්ය සාධක බලකායක්

පෝෂණය සඳහා වූ විශේෂ කාර්ය සාධක බලකායක් පිහිටුවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් එම කාර්ය සාධක බලකාය පිහිටුවන ලෙස සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා විසින් උපදෙස් ලබාදුන් බව එම අමාත්‍යාංශය සඳහන් කළා.
ජනතාවගේ පෝෂණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී මෙම උපදෙස් ලබාදී ඇත.
එම කාර්ය සාධක බලකායේ සාමාජිකයින් ලෙස සායනික පෝෂණවේදය ඇතුළු විවිධ ක්ෂේත්‍රයන්හි විශේෂඥ දැනුම ඇති වෛද්‍යවරුන් ඇතුළු පිරිසක් පත් කිරීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා.
ඊට සමගාමීව 2022 – 2024 හදිසි පෝෂණ සැලැස්ම ක්‍රියාත්මක කිරීමට නියමිත අතර ඒ ඔස්සේ දිවයින පුරා ඒ ඒ වයස් කාණ්ඩ ඇතුළු විවිධ කාණ්ඩ ඔස්සේ එය ක්‍රියාත්මක කිරීමට නියමිත බව සඳහන්.
කිසිදු අඩුපාඩුවකින් තොරව පෝෂණ ගුණය රැකෙන පරිදි දිවයිනේ සෑම රෝහලකටම ආහාර ලබාදීමේ වැඩසටහන කාර්යක්ෂම කරන ලෙස එහිදී කෙහෙලිය රඹූක්වැල්ල මහතා උපදෙස් ලබාදුන් බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා.