Uncategorizedදේශීය

හෝමාගම ගින්නෙන් පසුව ප්‍රදේශවාසීන්ට විශේෂ දැනුම් දීමක්

හෝමාගම කර්මාන්ත කලාපය තුළ   ඊයේ (17) රාත්‍රී 8.30ට පමණ ගින්නක් හටගෙන තිබෙනවා.

ආරංචි මාර්ග පවසන්නේ තීන්ත නිෂ්පාදනාගාරයක් සහ රෙදි පිළි නිෂ්පාදනාගාරයක් මෙලෙස ගින්නට හසුවීමෙන් විනාශ වී ඇති බවයි.

පොලීසිය පවසන්නේ රසායනික දහනය හේතුවෙන් ඊයේ  (17) රාත්‍රිය වන විට ගින්න මැඩපැවැත්වීමට ගත් උත්සාහයන් විටින් විට  අඩපණ වූ බවයි.

අද (18) අලුයම වන වන විට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය, ශ්‍රී ලංකා පොලිසිය, ශ්‍රී ලංකා යුධ හමුදාව සහ හොරණ ගිනි නිවන ඒකකයේ සහය ඇතිව මෙම ගින්න මැඩපවත්වා ගැනීමට කටයුතු කර තිබුණා.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

ආරක්ෂිත බව ප්‍රකාශ කරන තෙක් අදාළ ප්‍රදේශයෙන් ඉවත්ව සිටින ලෙස බලධාරීන් ප්‍රදේශවාසීන්ගෙන් ඉල්ලා සිටිනවා.

එමෙන්ම, හෝමාගම අවට පදිංචිකරුවන් වෙත මුව ආවරණ පළඳින ලෙසට විශේෂ දැනුම්දීමක් කොළඹ ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂවරයා විසින්  සිදු කර තිබෙනවා.

ගින්න හේතුවෙන් මතුවිය හැකි ශ්වසන ආබාධ අවම කරගැනීම සඳහා මෙම ඉල්ලීම සිදුකර ඇති බවයි වාර්තා වෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button