දේශීය

ජල ටැංකියකට වැටී කුඩා දරුවෙක් මිය ගිහින්

මසුන් ඇතිකරන ජල ටැංකියකට ඇද වැටී දියේ ගිලී සිගිති දරුවෙකු මියගොස් තිබෙන​වා.  

මෙලෙස මියගොස් ඇත්තේ, නැගෙනහිර මිද්දෙනිය ලිපිනයේ පදිංචිව සිටි සමරකෝන් මුදියන්සේලාගේ අයෝන් කොවිජ නමැති තුන් හැවිරිදි දරුවෙක්.

පොලීසි පැවසුවේ, ඊයේ (07) පස්වරු​වේ මෙම අනතුර සිදුව ඇති බවයි.

මිද්දෙනිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙ​ම කුඩා දරුවා ජීවිතක්ෂයට පත්වූ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.

මරණය සම්බන්ධයෙන් මිද්දෙනිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button