දේශීය

ගිරිතලේ අනතුරකින් පාසල් සිසුවෙ​ක් මරුට

පොළොන්නරුව බකමූණ – ගිරිතලේ ප්‍රධාන මාර්ගයේ දී යතුරුපැදි දෙකක් ගැටී සිදු වූ අනතුරකින් උසස් පෙළ අධ්‍යාපන ලබන සිසුවකු මියගොස් ඇති බව බකමූණ පොලිසිය පවසනවා.

මෙලෙ​ස මියගොස් ඇත්තේ නිකපිටිය ලිපිනයේ පදිංචිව සිටි අවුරුදු 18 ක් වයැසති ලකිදු පින්සර නමැති සිසුවෙක්.

ඔහු බකමූණ මහසෙන් ජාතික පාසලේ උසස් පෙළ විභාගය සඳහා ඉගෙනුම ලබන සිසුවෙ​කු බවද පොලිසිය පවසනවා.

මියගිය සිසුවා ඔහුගේ මිතු‍රෙ​කු සමග යතුරුපැදියේ පිටුපස ගමන් කර ඇති අතර, යතුරුපැදිය මාර්ගයේ ගමන් කර ලොරි රථයක ගැටී, මෙම අනතුර සිදුව තිබෙනවා.

රිය අනතුර සිදුකළ අනෙත් යතුරුපැදිකරු පලාගොස් ඇති බවද පරීක්‍ෂණ පවත්වන බකමූණ පොලිසිය සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button