දේශීය

සිවිල් ආරක්ෂක සාමාජිකයන්ගේ රාජකාරීත්වය ගැන පරීක්ෂාවක්

ආගමික, රාජ්‍ය සහ වෙනත් ආයතන සඳහා අනුයුක්ත කර ඇති සිවිල් ආරක්ෂක සාමාජිකයන් එම රාජකාරීන්ට බැහැර ක්‍රියාවන්ට සම්බන්ධවී ඇද්ද යන්න පිළිබඳ වාර්තාවක් කැඳවීමට ආරක්ෂක අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා.

ආගමික ස්ථාන නඩත්තුව, කෘෂිකාර්මික කටයුතු, අලිවැට නඩත්තු කිරීම් සහ විවිධ ආයතනවල රාජකාරී සදහා සිවිල් ආරක්ෂක සාමාජිකයන් සම්බන්ධ කර ඇති බවයි වාර්තාවන්නේ.

මෙම රාජකාරීවලට පරිබාහිර ක්‍රියාවන්ට ඔවුන් සම්බන්ධවී ඇද්ද යන්න පිළිබද සොයා බලා විශේෂ වාර්තාවක් ලබාදෙන ලෙස ආරක්ෂක රාජ‍්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සිවිල් ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත උපදෙස් ලබාදී ඇති බව ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කරනවා.

රාජ්‍ය අමාත්‍යවරයා දැනුම්දී ඇත්තේ එසේ අනුයුක්ත කිරීම සම්බන්ධයෙන් නිකුත් කර ඇති නියෝග මාලාව සමාලෝචනය කර යාවත්කාලීන කරන ලෙසටයි.

තමන් අනුයුක්තවී ඇති රාජකාරීයෙන් පරිබාහිර කටයුතුවල නියුතු වන සිවිල් ආරක්ෂක භටයන්ගේ සේවය විනය පරීක්ෂණයකින් අනතුරුව අත්හිටුවන ලෙසටද ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා උපදෙස්දී තිබෙන බවයි වාර්තාවන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button