දේශීය
විජයදාසගෙන් හෙළිදරව්වක්

පසුගිය අරගල සමයේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමාට අගමැති ධූරය භාරගන්නා ලෙස ඉල්ලීමක් කළ බව හිටපු අධිකරණ අමාත්‍ය, විජයදාස රාජපක්ෂ මහතා පවසනවා.
නමුත් පොදුජන පෙරමුණේ පිරිසක් තමාට එහිදී එම අවස්ථාව අහිමි කළ බවයි ඔහු පවසන්නේ.
අනුරාධපුර ප්‍රදේශයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විජයදාස රාජපක්ෂ මහතා,
“මේ රටේ අරගලය තිබුණ වෙලාවේ මේ රට සන්සුන් කරලා මේ රට ගොඩනැගීම සඳහා 2022 මැයි මාසේ 12 වැනිදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා තීරණයක් අරන් මට දැනුම් දුන්නා ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය තනතුර භාරගන්න කියලා. ඒක දැනගත්තාට පස්සේ පොහොට්ටුවේ අය කලබල වෙලා ඉක්මනට රනිල් වික්‍රමසිංහ මහත්මයාව ගෙනල්ලා බලපෑම් කරලා, ජනාධිපතිවරයාට සිද්ධ වුණා අග්‍රාමාත්‍යකම දෙන්න.”