දේශීය
විභාග සමයේ විදුලි කප්පාදු නොකරන්නැයි ඉල්ලිමක්

දෛනික විදුලි කප්පාදුව හේතුවෙන් තමන්ට දුශ්කරතා රැසකට මුහුණ දීමට සිදුව ඇති බව මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් පවසනවා .
ඔවුන් පෙන්වා දෙන්නේ විභාගයට ඇත්තේ තව දින කිහිපයක් බැවින් මෙම කාලසීමාව තමන් අධ්‍යන කටයුතු සඳහා වැඩි අවධානයක් යොමු කරන කාලයක් බවයි.
2022 වසරට අදාළ උසස්පෙල විභාගය මේ මස 23 වනදා සිට පෙබරවාරි 17 වනදා දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා .
විභාගයට ඉතා ආසන්න බැවින් විදුලි කප්පාදුව සම්බන්ධයෙන් රාත්‍රි කාලයේ හෝ යම් සහනයක් ලබාදෙන ලෙස විභාග අපේක්ෂිත සිසු දරු දැරියන් සහ දෙමාපියන් බලධාරීන් ගෙන් ඉල්ලා සිටිනවා.