දේශීය
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් රතු එළියක්
බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ හා අරාබි මුහුදු ප්‍රදේශයේ නැවත දැනුම් දෙන තුරු ධීවර කටයුතුවල නොයෙදෙන ලෙස ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ, එම මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 80ක් දක්වා වැඩි විය හැකි බවයි.
එමෙන්ම එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකි බව ද සඳහන් වනවා.
මේ අතර, දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත් තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
ඒ අනුව බස්නාහිර, සබරගමුව, වයඹ, ඌව පළාත්වලටත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල, මාතර, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකියි.