දේශීය

කාලගුණයෙන් රතු නිවේදනයක්

තද සුළං සහ රළු මුහුද පිළිබඳව අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

අදාළ නිවේදනය ඉදිරි පැය 24 දක්වා බලපැවැත්වෙනු ඇති.

ඒ අනුව දිවයිනට වටා මුහුදු ප්‍රදේශවල ජනතාවට සැලකිලිමත් වන්නැයි දැනුම්දී තිබෙනවා.

එම ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී 60 – 70ත් අතර වැඩි වෙන බවත් මුහුද ඉතා රළු වෙන බවත් අදාළ නිවේදනයේ සඳහන්.

එමෙන්​ම මුහුදු ප්‍රදේශයන්ට නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙසට ද නාවික හා ධීවර ප්‍රජාවන්ට දැනුම්දී තිබෙනවා.

කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.5 – 3.5 දක්වා ඉහළ යාහැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන​වා.

මේ හේතුවෙන් කල්පිටිය සිට කොළඹ, ගාල්ල හරහා මාතර දක්වා ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් ද පවතින බව වැඩිදුරටත් සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button