විදෙස්

එක්සත් ජනපදය හා ඉරානය අතර සිරකරුවන් හුවමාරුවක්

ඉරානයේ සිරගත කර සිටින ඇමරිකානුවන් පස් දෙනෙකු ඊයේ (18) නිදහස් කිරීමට සුදානම් බව ඉරාන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක නසාර් කනානි ප්‍රකාශ කර තිබෙනවා.

මේ වෙනුවෙන් එක්සත් ජනපද රජය විසින් රඳවා ඇති ඉරානයේ පුරවැසිභාවය ඇති සිරකරුවන් 5දෙනෙක්ද නිදහස් කිරීමට අමතරව කැටිකර ඇති ඉරාන අරමුදල්වලින් ඩොලර් බිලියන 6ක ප්‍රමාණයක් නිදහස් කිරීමට නියමිතයි.

ව්‍යාපාරිකයෙකු වන Emad Shargi, පරිසරවේදියෙකු වන Morad Tahbaz සහ Siamak Namazi යන අය ඇමරිකානු හා ඉරාන යන ද්විත්ව පුරවැසි ඇති පුද්ගලයන් බවත්, ඔවුන් නිර්දෝෂී පුද්ගලයන් ලෙස ඇමරිකාව පිළිගන්නා අතර අනෙක් ඇමරිකානුවන් දෙදෙනාගේ අනන්‍යතාව ප්‍රසිද්ධ කර නොමැති බවත්, විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මොවුන් මේ වනවිට වසර 5ක සිර දඬුවමක්ද  ලබා තිබෙනවා.

මෙම ගනුදෙනුව දැනටමත් රිපබ්ලිකානුවන්ගේ විවේචනයට තුඩුදී ඇති අතර, මෙය සාර්ථකව නිම වුවහොත් වොෂින්ටනය සහ ටෙහෙරානය අතර සැලකිය යුතු රාජ්‍ය තාන්ත්‍රික ඉදිරි ගමනක් නියෝජනය වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button