දේශීය
වැටලීමකට ගිය පොලිස් නිලධාරියෙකුව කපා කොටා දමයි

ඇල්ල, ගොටුවල, මීරියකැලේ ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය වැටලීමට ගිය පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුලු නිලධාරින් පිරිසක්, අද අලුයම(30) ප්‍රහාරයකට ලක්ව තිබෙනවා.
පිහි ප්‍රහාර කිහිපයකින් බරපතළ තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු බදුල්ල මහ රෝහලට ඇතුළත් කළ බව, ඇල්ල පොලීසිය පවසනවා.
මෙම ප්‍රහාරය සිදුකර පළායාමට උත්සහ කළ, නාවික හමුදාවෙන් පළා ආ නාවික සෙබලෙකු පොලිස් නිලධාරීන් විසින් මහත් වෙහෙසක් දරා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය පවසන්නේ, අත්බෝම්බයක්, අයිස් මත්ද්‍රව්‍ය, උල් පිහියා දෙකක්, රම්බො පිහියක්ද සමග මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් බවයි.