විදෙස්
නේපාලයේ ගුවන් යානයක් කඩා වැටිලා – 18ක් මරුට

නේපාලයේ කත්මණ්ඩු නුවරදී ගුවන් යානයක් කඩා වැටී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.
සයුරා ගුවන් සේවයට අයත් ගුවන් යානයක් එලෙස කඩා වැටී ඇති අතර එහි මගීන් 19 දෙනෙකු සිටි බවයි වාර්තාවන්නේ.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මේ වන විට ගුවන් යානයේ ගමන් ගත් 18 දෙනෙකු පමණ මිය ගොස් ඇති බවයි.
අද උදෑසන 11ට පමණ එම ගුවන්යානය සංචාරක පුරවරයක් ලෙස ප්‍රකට Pokhara බලා යෑමට ගුවන්ගත කරන අවස්ථාවේදී කඩා වැටී තිබුණා.
අනතුරින් මිය ගිය 5 දෙනෙකුගේ සිරුරු හමුවී ඇති අතර සහන කණ්ඩායම් යානය කඩා වැටුණු ස්ථානයේ පරීක්ෂණ අරඹා තිබෙනවා.