විදෙස්
පියාසර කරමින් තිබූ මගී ගුවන් යානයක කොටසක් ගැලවෙයි

අමෙරිකාවේ බෝයිං 737-800 යානයක් ඩෙන්වර් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සිට ගමන් ආරම්භ කරන අවස්ථාවේ එහි එංජින් කවරය ගැලවී තටුවක සිරවී තිබෙනවා.
එරට බලධාරීන් සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බවයි.
සවුත් ඊස්ට් ගුවන් සමාගමට අයත් එම යානය හූස්ටන් බලා ගමන්කරමින් තිබියදී එම දෝෂය ඇතිවූ අතර පසුව එම යානය නැවත ඩෙන්වර් ගුවන්තොටුපොළට ආරක්ෂිතව ගොඩ බැස්සවීමට නියමුවන් සමත්වී තිබෙනවා.
2015 දී නිෂ්පාදනය කර තිබූ එම යානය මැක්ස් 737 මාදිලියට අයත් යානයක් බවයි සඳහන්වන්නේ.
එන්ජින් කවරය ගැලවී යන විට යානය අඩි 10,000ක් පමණ ඉහළ අහසේ තිබී ඇති අතර ඒ වනවිට එහි මගීන් 135ක් සහ කාර්ය මණ්ඩලය 6දෙනෙක් සිටි බව වැඩිදුරටත් වාර්තාවනවා.