දේශීය

වැඩිපුර සල්ලි ගන්න ත්‍රීරෝද ර​ථ ගැන දැනුම්දෙන්න අංකයක්

බස්නාහිර පළාත තුළ  ධාවනය කරන කුලී ත්‍රී රෝද වල දැනට දෙවන කිලෝමීටරයට අයකරන ගාස්තුව රුපියල් දහයකින් ලබන 15 වැනිදා සිට අඩු කිරීමට මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය තීරණය කර තිබෙනවා.

ඒ අනු​ව වැඩිපුර ගාස්තු අය කරන ත්‍රිරෝද රථ සම්බන්ධයෙන් දුරකථන අංක 0760450860 වටිස්ඇප් මගින් දැනුම් දෙන ලෙස ත්‍රී රෝද රථ පාරිභෝගිකයින්ගෙන් සභාපතිවරයා ඉල්ලා සිටින​වා.

පළමු කිලෝමීටරයට අයකරන රුපියල් සීයයේ ගාස්තුවහී වෙනසක් නොවන අතර දෙවෙනි කිලෝමීටරේ සිට මෙම මිල අඩු කෙරෙන බව එම අධිකාරියේ සභාපති ප්‍රසන්න සංජීව මහතා පවසනවා.

අන්තර් වාර මිලක් ලෙස හඳුන්වා දෙන නව මිල ගණන් ඉදිරි මාස හය තුළ ගාස්තු සමාලෝචන කමිටුව මගින් තීරණය කරනු  ඇති බව​ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button