දේශීය
ඇසුරුම්කරණයේ ප්‍රමිතිය රකින්න නව පරීක්ෂණ රසායනාගාරයක්

කර්මාන්ත අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන කාර්මික තාක්ෂණ ආයතනයේ අභිනවයෙන් ස්ථාපිත කළ ඇසුරුම් පරීක්ෂණ රසායනාගාරය ඊයේ(31) විවෘත කර තිබෙනවා.
මෙම ඇසුරුම් පරීක්ෂණ රසායානාගාරය හරහා මෙරට නිෂ්පාදනය කරන කිරිපිටි, ජල බෝතල්, විවිධ ආහාර ද්‍රව්‍ය, සිමෙන්ති, කාඩ්බෝඩ් ඇතුළු විවිධ පරාසයේ ඇසුරුම් රැසක ප්‍රමිතිය පිළිබඳව පරික්ෂාවට ලක් කළ හැකි අතර අපනයන නිෂ්පාදනයන් සිදුකිරීමේදී මෙම ඇසුරුම්කරන පරීක්ෂාව ඉතා වැදගත් අවස්ථාවක් නිෂ්පාදන කර්මාන්තකරුවන්ට ලැබෙන බවයි කර්මාන්ත අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.
එහිදී කර්මාන්ත හා වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කාර්මික තාක්ෂණ ආයතනය විසින් විවිධත්වයෙන් යුතු ඇසුරුම්කරණය මෙන්ම එහි ප්‍රමිතිය ජාත්‍යන්තරයට ගැළපෙන ලෙසින් ආරක්ෂා කිරීමේ වැදගත්කම පිළිබඳව අදහස් පල කළා.