දේශීය

ලලිත් කොතලාවලගේ මරණය ගැන අලුත් කතාවක්

සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති දේශමාන්‍ය ලලිත් කොතලාවල මහතාගේ මරණය ස්වාභාවික මරණයක් බවට අධිකරණ වෛද්‍යවරයා අධිකරණයට දැනුම්දී තිබෙනවා.

නමුත් සෙලින්කෝ තැන්පත්කරුවන්ගේ සංගමයේ සභාපති ජූඩ් මාකෝ පෙරේරා මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (03) ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කරමින් පැවසුවේ, එම මරණය ස්වාභාවික මරණයක් ලෙස හුවාදැක්වීමට කොතලාවල මහතාගේ නිතීඥවරු ඇතුළු කිහිප දෙනෙකු කුමන්ත්‍රණය කර ඇති බවයි.

එම පිරිස්, කොතලාවල මහතා බිරිඳ සමඟ ජීවත්වූ නිවසින් ඔහු ඉවත් කොට කොළඹ ෆොන්සේකා මාවතේ පිහිටි ඔහුගේ කාර්යාලය වෙත බලහත්කාරයෙන් රැගෙන ගොස් වාතාශ්‍රය පවා නොලැබෙන කාමරයක රඳවා සිටි බව ජූඩ් මාකෝ මහතා වැඩිදුරටත් සඳහන් කරනවා.

ඔහු අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ, එම කාලය තුළදී කොතලාවල මහතාට නිවිතිය මිශ්‍ර සුප් වර්ගයක් සහ තැඹිලි වතුර විටින් විට පානය කිරීමට සලස්වා ඇති බවයි.

මෙම සියලු අනීතික ක්‍රියා සිදු කොට ඇත්තේ, ලලිත් කොතලාවල මහතා අනාථ නිවාසයකට යොමු කරන බවට තර්ජනය කරමින් බවද සාක්ෂිකරු අධිකරණය හමුවේ පෙන්වාදී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button