දේශීය
ලංවිම සේවකයන්ට නව වැටුප් හා දීමනා ව්‍යුහයක්

ඉදිරි සති කිහිපය තුළ ලංවිම සේවකයින්ට නව වැටුප් ව්‍යුහයක්, කාර්ය සාධනය පදනම් කරගත් දිරි දීමනා ක්‍රමයක් සහ උසස්වීම් ක්‍රමයක් හඳුන්වා දෙන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.
සිය නිල X ගිණුමේ සටහනක් තබමින් ඔහු සඳහන් කළේ, ඉදිරියේදී බඳවා ගන්නා සේවක සංඛ්‍යාව අඩු කිරීම සඳහා දැනට පවතින 26,000+ අනුමත කාඩරය ද සංශෝධනය කරන බවයි.
මෙම තීරණයන්ට එළඹ ඇත්තේ ලංකා විදුලිබල මණ්ඩලයට අදාළ ප්‍රතිසංස්කරණවල ව්‍යුහය, විවිධ කාර්යයන් ක්‍රියාත්මක කිරීමේ කාලසීමාව, අනුප්‍රාප්තික සමාගම්වලට පත්වීම්, මානව සම්පත් කළමනාකරණය, වැටුප් ව්‍යුහයන්, ගනු ලැබූ ප්‍රතිපත්ති සහ කළමනාකරණ තීරණ පිළිබඳව එහි වෘත්තීය සමිති සමග පසුගිය දා පැවැති සාකච්ඡාවකදීයි.