පොහොට්ටුවෙන් අලුත් සන්ධානයක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු බහුතරයක් එක්ව රමේෂ් පතිරණ අමාත්‍යවරයා ලේකම් ධූරයට පත් කරමින් නව සන්ධානයක් ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසනවා.
රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත තෙන්නකෝන් මහතා අද (13) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව කියා සිටියා.
ඒ පිළිබඳ අදහස් පළ කළ ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා :
” අපි බලාපොරොත්තු වෙනවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අති බහුතරයක් එක්ව පුළුල් සන්ධානයක් ගොඩනගන්න. එම සන්ධානයේ කටයුතු තව දින කිහිපයකින් ආරම්භ කරන්න අපි බලාපොරොත්තු වෙනවා.ඒ සඳහා අපි මේ දින කිහිපය සාකච්චා පැවැත්වූවා. නිලධාරි මණ්ඩලය පිළිබඳ සාකච්ඡා පැවැත්වූවා. සහ එකගතාවයන්වලට ආවා.අපි අතර වාදයක් භේදයක් නැ. ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා පුළුල් දේශපාලන සන්ධානයක් වම දකුණ එකතු කරන සියලු පක්ෂ වල පිරිසට එකතු වෙන්න පුලුවන් වේදිකාවක් තැනීම තමයි අපේ පරමාර්ථනය මේ දිනවල.”