දේශීය

අධිවේගේ පාලම අසලි​න් අභිරහස් මළ සිරුරක් හමු​වේ

බණ්ඩාරගම ගැලනිගම අධිවේගී මාර්ග පාලම අසළ තිබී අභිරහස් ලෙස මියගිය පුද්ගලයෙකුගේ මළසිරුරක් හමුවී තිබෙනවා.

පොලීසිය ප්‍රකාශ කළේ මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් අනාවරණය වී නොමැති බවයි.

මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා බණ්ඩාරගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

පොලීසිය පවසන්නේ, අඩි 05යි අඟල් 4ක් පමණ උසැති ඔහු තලෙළු පුද්ගලයෙකු බවයි.

ඔහු උඩු කයට නිල්පාට අත්කොට කමිසයක් සහ තැඹිලි සහ දුඹුරු පැහැයට මිශ්‍ර සරමක් හැඳ සිට ඇති බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.

බණ්ඩාරගම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button