දේශීය

තයිරොයිඩ් සැත්කමකට භාජනය වූ දෙදරු මවක් සහ එන්නතකින් පසු  කුඩා දරුවෙකු ජීවිතක්ෂයට

තයිරොයිඩ් ග්‍රන්ථීයේ සැත්කමක් සඳහා කඹුරුපිටිය මුලික රෝහලට ඇතුළත් කළ කාන්තාවක් සැත්කමෙන් අනතුරුව ජීවිතක්ශයට පත්ව තිබෙනවා.

මෙලෙස  මියගොස් ඇත්තේ ගාල්ල යක්කලමුල්ල ප්‍රදේශයේ පදිංචි වික්‍රමසිංහ ගමගේ සිරානි නිමල්කා නැමැති 49 හැවිරිදි දෙදරු මවක්.

ඇයගේ ඥාතීන් පවසන්නේ, මෙම කාන්තවගේ තයිරොයිඩ් ග්‍රන්ථීයේ ඇති වු ගැටළුවක් හේතුවෙන් කඹුරුපිටිය මුලික රෝහලේ පැවැත්වෙන වෛද්‍ය සායන‍ය වෙත පැමිණ ඇය ප්‍රතිකාර ලබා ගෙන ඇති බවත්, එම වෛද්‍ය සායනය මගින් ලබා දුන් වෛද්‍ය උපදෙස් මත තයිරොයිඩ් ග්‍රන්ථීයේ සැත්කම සිදු කිරිම සදහා ඉකුත් 27 වන දින කඹුරුපිටිය රෝහල වෙත ඇතුලත්ව තිබෙන බවයි.

ඇයගේ නැගණිය පවසන්නේ, රෝහලේ 10 වන වාට්ටුවට ඇයව  ඇතුලත් කිරිමෙන් පසුව  ඇයගේ බෙල්ල ප්‍රදේශය ඉදිමිමක් දක්නට ලැබුණු බවත් ඇයට කතා කර ගැනිමට නොහැකිව දැඩි වේදනාවෙන් සිටීම සම්බන්ධයෙන් වාට්ටුවේ රෝහල් කාර්ය මණ්ඩලය දැනුම්වත් කලද, පැය භාගයකට පමණ පසුව වෛද්‍යවරයෙකු පැමිණ පරික්ෂා කොට දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කල බවයි.

කඹුරුපිටිය මුලික රෝහලේ වෛද්‍ය අධිකාරි වෛද්‍ය රංජිත් ධර්මකීර්ති පවසන්නේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබු මෙම කාන්තාව පසුගිය 05 වැනිදා ජීවිතක්ෂයට පත් වූ අතර, මියගිය කාන්තාවගේ පශ්චාත් මරණ පරික්ෂණය කරාපිටිය රෝහලේ වෝහාරික විශේෂඥ වෛද්‍යවරිය විසින් පසුදින සිදු කල බවත්, එහිදි විවෘත තීන්දුවක් ලබා දී ඇති බවයි.

මේ අතර මාතර වැලිගම ප්‍රදේශයේ මාස 04 ක් වයසැති කුඩා දරුවෙකුට එන්නතක් ලබාදීමෙන් පසු ඇතිවු සංකූලතා හේතුවෙන් තවත් බිළිඳු දරුවෙකුට දිවි අහිමි වී තිබෙනවා.

වැලිපිටිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයෙ සායනයකදී එන්නත ලබා දීමෙන් පසුවදා දරුවා අධික ලෙස සීතල වීමෙන් කරාපිටිය ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබූ අතර ඒ වන විටත් දරුවා මියගොස් සිට ඇති බවයි  මරණ පරික්ෂණයෙන් වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button